හෙට රාත්‍රියේ සිට වැස්ස වැඩිවෙන ලකුණු....

හෙට රාත්‍රියේ සිට වැස්ස වැඩිවෙන ලකුණු....

by Staff writer 02-12-2019 | 5:18 PM

COLOMBO (News 1st) - උතුරු, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය හෙට රාත්‍රියේ සිට තව ත් වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම පළාත්වලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි. තද වැසි සමග තද සුළං ඇති විය හැකි අතර අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.