මායා තොප්පිය නිපදවූ සරසවි සිසුන්ට සම්මානයක්

හැරී පොටර් මායා තොප්පිය නිපදවූ ජ'පුර සරසවි සිසුන්ට සම්මානයක්

by Staff writer 02-12-2019 | 3:43 PM

COLOMBO ( News 1st ) - හැරී පොටර් කතා මාලාවේ සඳහන් මායා තොප්පිය නිපදවීමට සමත්වූ මෙරට විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සම්මානයට පාත්‍ර වී තිබේ.

ඔවුන්ගේ නිර්මාණය මෙලෙස හාර්ඩ්වෙයාර් අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගනිමින් ඇගයුමට ලක්වූයේ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර පැවති ජාත්‍යන්තර සමාජයීය රොබෝටික් තරඟාවලියේදී ය. යුරෝපයේ සහ ආසියාවේ රටවල් රැසක් නියෝජනය කරමින් ඉදිරිපත්වූ විශ්වවිද්‍යාල රැසක සිසුන් පරදවමින් මෙම ජයග්‍රහණය අත්කර ගැනීමට සමත්වුයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පරිගණක විද්‍යා අංශයේ සිසුන් කණ්ඩායමකි. පරිගණක මගින් ක්‍රියාත්මක වන මෙය පැළැඳ සිටින්නා අසලට කිසිවකු ළඟාවන්නේ නම්, සංවේදක මගින් ඒ පිළිබඳ තොප්පිය පැළැඳ සිටින්නාට දැනුම්දීමට හැකි වේ. එමෙන්ම ඔටිසම් රෝගයෙන් පෙලෙන දරුවන් හඳුනාගැනීමටත්, එම දරුවන්ගේ මොළයේ නියුරෝන උත්තේජනය කිරීමෙන් සමාජශීලී දරුවන් බවට පත්කිරීමටත් මෙම අපූරු තොප්පියට හැකිබව එය නිර්මාණය කළ සිසුහු පවසති .