ටයිකොන්ඩෝ ක්‍රීඩක රනුක ප්‍රභාත්ට රන් පදක්කමක්

සාග් ක්‍රීඩා උළෙලේ පළමු රන් පදක්කම ටයිකොන්ඩෝ ක්‍රීඩක රනුක ප්‍රභාත්ට

by Staff writer 02-12-2019 | 3:35 PM

COLOMBO ( News 1st ) - 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පළමු රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට ටයිකොන්ඩෝ ක්‍රීඩක රනුක ප්‍රභාත් අද සමත් විය.

ඒ, වයස අවුරුදු 23න් පහළ පිරිමි කේවල ටයිකොන්ඩෝ ඉසව්වෙන් ය. මේ අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකා හෙෂානි හෙට්ටිආරච්චි කාන්තා කේවල කරාතේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට සමත් විය. මේ අතර ශ්‍රී ලංකාවේ අනීකා සෙනෙවිරත්න මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා කේවල ටෙනිස් තරග ඉසව්වේ මූලික වටයේ තරගයකින් ජය ගත්තා ය. වට 2ට 0ක් ලෙස ඇය හමුවේ පරාජය වූයේ බංග්ලාදේශ ක්‍රීඩිකාවකි. ශ්‍රී ලංකාවේ එස් බාලුරාජ් 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි කාන්තා කරාතේ තරග ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්විය. මේ අතර 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා කරාතේ කාතා කණ්ඩායම් තරග ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත්වීම විශේෂත්වයකි. එහි පිරිමි කාන්තා කණ්ඩායම් තරග ඉසව්වේ රිදී පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් විය. ඒ. අනුව මේ වනවිට ශ්‍රී ලංකාව 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී දිනාගෙන ඇති පදක්කම් ගණන 5 කි. රන් පදක්කමක්, රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් 3ක් ඊට ඇතුළත් ය.