by Staff writer 02-12-2019 | 8:36 PM
COLOMBO (News 1st) - පැහැර ගැනීමට ලක් වූ බව කියන ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය සම්බන්ධයෙන් මේ වනවිට ජාත්‍යන්තර වශයෙන් ද දැඩි අවධානය යොමුව තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ තත්ත්වය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, සිද්ධියට අදාළව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ලබාදුන් දත්ත හා එම වින්දිතයාගේ එදින ක්‍රියා කලාපය කිසිසේත් සමාන නොවන බවයි.
මෙයට අදාළ සාක්ෂිකරුවන්ගේ සම්මුඛ සාකච්ඡා සහ උබර්, CCTV හා දුරකතන මෙන්ම GPS වැනි තාක්ෂණික සාක්ෂි අනුව මෙය තහවුරු වී ඇති බව ද එම නිවේදනයේ සඳහන් ය.
අදාළ සාක්ෂි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට ඉදිරිපත් කිරීමෙන් පසු සිදු වූ බව කියන සිද්ධියේ සත්‍ය කරුණු සොයා ගැනීම සඳහා තවරදුටත් පරීක්ෂණ කිරීමට සිදුවනු ඇති බව ද එම මාධ්‍ය නිවේදනයේ සඳහන් ය.
මේ අතර මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා අද උදෑසන 10.45 ට පමණ ස්විස් තානාපති කර්යාලය ඉදිරිපිටට පැමිණ උපවාසයක් ආරම්භ කළේ ය.
ඒ අදාළ ස්විස් තානාපති කර්යාලයේ නිලධාරිනිය විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියට ප්‍රකාශයක් ලබා දිය යුතු බවට බල කරමිනි.
එම ස්ථානයට රාවනා බලය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි සහ සිංහලයේ සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි අද සවස පැමිණියහ.