දිවයින අවට වැසි තත්ත්වය තවදුරටත්

දිවයින අවට වැසි තත්ත්වය තවදුරටත්

by Staff writer 02-12-2019 | 11:22 AM

COLOMBO ( News 1st ) - උතුරු නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100 ත් 150 ත් අතර තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා පැවසුවේ, මධ්‍යම, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වලත්, කළුතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 75ත් 100ත් අතර තරමක තද වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවයි. දිවයිනට බලපා ඇති තද වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් පවුල් 1480කට අයත් පුද්ගලයින් 5415 දෙනෙකු පීඩාවට පත්ව සිටී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, පවුල් 150කට අයත් පුද්ගලයින් 619 දෙනෙකු අවතැන්ව ඇති බවයි. ඔවුන් ආරක්ෂිත ස්ථාන 8ක රඳවා සිටින බව ඔහු සඳහන් කළේ ය. මේ අතර ධීවර යාත්‍රා මුහුදු යෑමේදී සැළකිලිමත්වන්නැයි ධීවර දෙපාර්තමේන්තුව ධීවරයින්ට දැනුම් දෙයි. එහි සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා පැවසුවේ, පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් සෑමවිටම ධීවර දෙපාර්තමේන්තුවෙන් ලබාදෙන උපදෙස් පිළිපදින ලෙසයි.