COLOMBO (News 1st) - ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් සඳහන් කරන ආකාරයට ජනාධිපතිවරයා හම්බන්තොට වරාය සම්බන්ධයෙන් දරන මතය කුමක් ද?
ඉන්දීය සංචාරය අතරතුර හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතට ජනාධිපතිවරයා ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේදී යළිත් ජනාධිපතිවරයා සිය මතය ප්‍රකාශ කළේ ය.
ප්‍රශ්නය:-
චීනයට වසර 99 ක කල්බදු ක්‍රමයට ලබා දී ඇති එම වරාය සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට ඔබ උත්සාහ කරනවා. ඔබට පුළුවන්ද ඒ ගැන විස්තර කරන්න ? එය කළ හැකි ද? එසේනම් එය සිදු නොකළේ ඇයි ?
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ,
මම හිතන්නේ පුළුවන්. අපේ පක්ෂය මේකට විරුද්ධ වුණා මුල සිටම. එය ලබා දෙන අවස්ථාවේදීත් විරෝධය දැක්වුවා. මෙය ජාතික වත්කමක්. මෙය හෝටලයකට යම් ඉඩමක් ලබාදීම හෝ ඒ හා සමාන දෙයක් නොවෙයි. මෙය ඉතා උපායමාර්ගිකව වැදගත් සම්පතක්. ඉතිං මේ ආකාරයේ දේවල් රජයේ පාලනය යටතේ තිබිය යුතුයි. අද ගැන නොවෙයි අනගත පරම්පරාව ගැන අපි සිතිය යුතුය. මෙවැනි සම්පත් වෙනත් රටවලට ලබා දුන්නොත් අනාගත පරම්පරාව අපට ශාප කරයි. ඒ නිසා අපි මේ ගිවිසුම ගැන සතුටු නැහැ. අපේ පක්ෂය මේකට විරුද්ධ වුණා. අපිට මේ ගැන සාකච්ඡා කරන්න ඕනේ, ඉන් සාදනීය එකඟතාවයකට පැමිණීමට අවශ්‍යයි.
මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඉදිකළ හම්බන්තොට මාගම්පුර වරාය සුදු අලියෙකු බව පසුගිය ආණ්ඩුව දිගින් දිගටම ප්‍රකාශ කර තිබේ.
අනතුරුව එය සංවර්ධනය සඳහා චීනය හා ඒකබාද්ධව කටයුතු කරන බව පැවසූ රජය හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහ සමාගම නමින් ඒකාබද්ධ ආයතනයක් ස්ථාපිත කරමින් චීනය සමග ගිවිසුමකට එළැඹුණි.
ඒ, 99 අවුරුදු බදු පදනමක් යටතේයි.
අදාළ සමාගමේ 85% ක කොටස්වලට හිමිකම් කියන්නේ චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩින්ග් සමාගමයි.