කැනඩා මහ කොමසාරිස් ජනපති හමුවෙයි

කැනඩා මහ කොමසාරිස් ජනපති හමුවෙයි

by Staff writer 02-12-2019 | 5:31 PM

COLOMBO (News 1st) - මෙරට කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනොන් මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.

ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපතිතුමා එහිදී මහ කොමසාරිස්වරයා සමග සුහද කතා බහක නිරත වූ බවයි. මහ කොමසාරිස්වරයා කැනඩා රජය වෙනුවෙන් ජනාධිපතිතුමාට සුබ පැතුම් ද එක් කර තිබේ. මේ අතර චීන ජනරජයේ රාජ්‍ය මණ්ඩලයේ විශේෂ නියෝජිතයෙකු මෙන්ම චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ජනරාල් වූ ජියැංහාවෝ මහතා ද ජනාධිපතිතුමා හමුවිය.