කංජිපානිගේ සිරකුටියෙන් හමුවූ දේ...

'කංජිපානි' රඳවා සිටින සිරකුටියෙන් ජංගම දුරකතනයක් හමුවෙයි

by Staff writer 02-12-2019 | 5:05 PM

COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් 'කංජිපානි ඉම්රාන්' රඳවා සිටින බූස්ස බන්ධනාගාරයේ සිරකුටියේ තිබී ජංගම දුරකතනයක් සොයා ගෙන තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද පෙරවරුවේ කළ මෙහෙයුමකදී එම ජංගම දුරකතනය සොයා ගත් බවයි. ඒ සම්බන්ධ වැඩිදුර විමර්ශන සඳහා ජංගම දුරකතනය බන්ධනාගාර මූලස්ථානය වෙත යොමු කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.