"එකඟතාවය තවදුරටත් ආරක්ෂා කරනවා" - විමල් වීරවංශ

by Staff writer 02-12-2019 | 6:44 PM

COLOMBO (News 1st) - මහ මැතිවරණයට පොදු සන්ධානයකින් හා පොදු ලකුණකින් ඉදිරිපත්වීමට වූ එකඟතාවය ආරක්ෂා කළ යුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඒ, අතරම එම එකඟතාව නොසලකා හැර කටයුතු කිරීමට තරම් විශේෂ තත්ත්වයක් ඇතිවී නොමැති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. ඔහු මේ බව පැවසූවේ, අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු මහනුවර කළ සංචාරයකදීය.