by Staff writer 01-12-2019 | 11:00 PM
Colombo (News 1st) – ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනියකට සිදු වූ බව කියන සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ, සිද්ධියට අදාළව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ලබාදුන් දත්ත හා එම වින්දිතයාගේ එදින ක්‍රියා කලාපය කිසිසේත් සමාන නොවන බව ය.
මෙයට අදාළ සාක්ෂිකරුවන්ගේ සම්මුඛ සාකච්ඡා සහ ඌබර්, සීසීටීවී හා දුරකතන මෙන්ම ජී.පී.එස් වැනි තාක්ෂණික සාක්ෂි අනුව මෙය තහවුරු වී ඇති බවයි.
අදාළ සාක්ෂි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට ඉදිරිපත් කිරීමෙන් පසු සිදුවු බව කියන සිද්ධියේ සත්‍ය කරුණු සොයා ගැනීම සඳහා තවරදුටත් පරීක්ෂණ කිරීමට සිදුවනු ඇති බවද එම මාධ්‍ය නිවේදනයේ සඳහන් විය.
ඒ, සඳහා අදාළ වින්දිතයා නීති සම්පාදන බලාධිකාර වෙත කැඳවා සම්මුඛව සාකච්ඡා කළ යුතු බව ද එහි දැක්වේ.
වින්දිතයා මෙම සිද්ධියේදී තුවාල ලබා ඇති බව පවසා තිබෙන බැවින්, ඇය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙකු වෙත යොමු කිරීමට අවශ්‍ය බව ද මාධ්‍ය නිවේදනයේ දැක්වේ.
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට ශ්‍රී ලංකා රජය සමග මෙම සිද්ධියේ සත්‍ය කරුණු සොයා ගැනීම සඳහා සහයෝගයෙන් කටයුතු කරන ලෙසද නිවේදනයෙන් ඉල්ලීමක් කර තිබේ.