Y FM අද 14 වැනි සංවත්සරය සමරයි

ලාංකේය තාරුණ්‍යයේ පෙරළිකාරයා Y FM අද 14 වැනි සංවත්සරය සමරයි

by Staff writer 01-12-2019 | 7:37 AM

COLOMBO (News 1st) - ලාංකේය තාරුණ්‍යයේ පෙරළිකාර ගුවන් විදුලිය Y FM අද 14 වැනි සංවත්සරය සමරයි.

මේ, Y FM 14 වසරක මතකාවර්ජනය... මෙරට තාරුණ්‍යයේ හද ගැස්ම හඳුනා ගනිමින්, MBC මාධ්‍ය ජාලයේ යොවුන් ආමන්ත්‍රණය ලෙසින් Y FM නාලිකාව ලාංකේය ගුවන් අවකාශයට මුසු වුණේ 2005 වසරේදීයි. ඒ, තාරුණ්‍ය වෙනුවෙන් තාරුණ්‍යයට හඬක් තේමාවෙනි. කෙටි කාලයක් තුළ යොවුන් හිත් වසඟයට ගැනීමට Y FM නාලිකාවට හැකිවුණේ නැවුම් ආකෘති ඔස්සේ සිය අනන්‍ය ලකුණ සහිත වැඩසටහන් මාලාවක් ශ්‍රාවකයින්ට තිළිණ කිරීමත් සමගයි. 92.7 තරංග මාලාවෙන් දිවයින ම ආවරණය කරන Y FM මැදිරියෙන් පරිබාහිර ප්‍රවර්ධන වැඩසටහන් රැසක් දියත් කරන්නේ ශ්‍රාවකයින්ට තවත් සමීප වෙමිනි. සාමාන්‍ය පෙළ සිසුන් වෙනුවෙන් පවත්වන සම්මන්ත්‍රණ මාලාව වගේ ම විභාගයට පෙර සිසුන්ගේ සතිය පිහිටුවීමේ වැඩසටහන සහ ක්ලාස් එකට වයි වැඩසටහන, Y FM සමාජ මෙහෙවරට කදිම සාක්ෂි. අද Y FM සංවත්සරය සමරන්නේ, '14 වසරක අපූර්ව ගමන' යන තේමාවෙනි.