ලන්ඩන් ප්‍රහාරයේ වගකීම IS සංවිධානය භාරගනී

ලන්ඩන් ප්‍රහාරයේ වගකීම IS සංවිධානය භාරගනී

by Staff writer 01-12-2019 | 8:22 AM

News 1st - බ්‍රිතාන්‍යයේ ලන්ඩන් පාලම මතදී එල්ල වූ ප්‍රහාරයේ වගකීම අයි. එස් සංවිධානය භාරගෙන තිබේ.

එම සංවිධානයට අයත් අමාක් වෙබ් අඩවියේ සටහනක් තබමින් ඔවුන් පවසන්නේ, සිය සටන්කරුවෙකු ප්‍රහාරය එල්ල කර ඇති බවයි. එහෙත් ඒ සඳහා කිසිදු සාක්ෂියක් ඔවුන් ඉදිරිපත් කර නැත. පෙරේදා රාත්‍රියේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් පාලම මත සිදු වූ පිහි ඇණුමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තව ත් තිදෙනෙකු තුවාල ලැබුහ. ව්‍යාජ මරාගෙන මැරෙන ඇඳුමකින් සැරසී එම ප්‍රහාරය එල්ල කර ඇත්තේ, 28 හැවිරිදි උස්මාන් ඛාන් නමැත්තෙකි. එම අවස්ථාවේ පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් ඔහු මිය ගොස් තිබේ. සැකකරු, ත්‍රස්ත චෝදනා මත බන්ධනාගාරව සිටි අයෙකු බව බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි. ප්‍රහාරය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු ලෝක ප්‍රකට ලන්ඩන් පාලම ඊයේ යළි විවෘත කෙරුණි.