කල්අඩියේ ළිඳක කාන්තා මළ සිරුරක්

පුත්තලම, කල්අඩිය ප්‍රදේශයේ ළිඳක කාන්තා මළ සිරුරක්

by Staff writer 01-12-2019 | 5:53 PM

COLOMBO (News 1st ) -  පුත්තලම, කල්අඩිය ප්‍රදේශයේ ළිඳක තිබී කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

ඇය 37 හැවිරිදි දෙදරු මවකි. සිංහපුර ප්‍රදේශයේ නිවසක් අසළ ළිඳක තිබියදී ඇගේ සිරුර සොයාගෙන ඇතැයි අප වාර්තාකරු පැවසුවේ ය. පොලීසිය පැවසුවේ සිය බිරිඳ අතුරුදන් බවට අදාළ කාන්තාව‍ගේ සැමියා කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පැවැත්වූ බවයි. එහිදී සිරුර හමුවූ බව ද පොලීසිය සඳහන් කළේ ය. පොලීසිය පවසන්නේ, මෙම මරණය සැක සහිත බවයි. පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත්වරයා එහි පැමිණ පරීක්ෂණ කිරීමෙන් පසු දේහය පුත්තලම මූලික රෝහලට රුගෙන ගියේ ය.