පකිස්ථාන විදේශ ඇමති අද රාත්‍රියේ දිවයිනට

පකිස්ථාන විදේශ ඇමති අද රාත්‍රියේ දිවයිනට

by Staff writer 01-12-2019 | 4:09 PM

COLOMBO ( News 1st ) - පකිස්ථාන විදේශ අමාත්‍ය ෂා මොහොමඩ් කුරේෂි මහතා අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත ය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක රුවන්ති දෙල්පිටිය මහත්මිය සඳහන් කළේ, හෙට දිනයේදී පකිස්ථාන විදේශ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් හමුවීමට නියමිත බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධූරයට පත්වීමෙන් පසු සුහද සංචාරයක් ලෙස පකිස්ථාන විදේශ අමාත්‍යවරයා එම සංචාරයේ නිරත වන බව ද ඇය සඳහන් කළා ය. පකිස්ථාන විදේශ අමාත්‍යවරයා හෙට රාත්‍රියේ දිවයිනෙන් පිටත්වයාමට නියමිත ය.