සා/පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

අයහපත් කාලගුණයක් ඇතිවුවහොත් සා/පෙළ සිසුන් ආසන්නතම විභාග මධ්‍යස්ථානයට යොමු කිරීමට පියවර

by Staff writer 01-12-2019 | 12:52 PM

COLOMBO (News 1st) - අයහපත් කාලගුණ තත්ත්වයක් ඇතිවුවහොත් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයැදුම්කරුවන් ආසන්නතම විභාග මධ්‍යස්ථාන වෙත යොමු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර විභාගය හෙට සිට ලබන 12 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා පෙනී සිටිමට නියමිත අයැදුම්කරුවන් සංඛ්‍යාව හත් ලක්ෂ දහහත් දහස් අටදෙනෙකි. ඉන් දෙලක්ෂ අසූ තුන්දහස් නවසිය පනස් අට දෙනෙකු පෞද්ගලික අයැදුම්කරුවන් වේ. විභාග කොමසාරිස් ජෙනරාල් සනත්. බී. පුජිත මහතා සඳහන් කළේ, අයැදුම්කරුවෙකුට යම් බාධාවක් පවතී නම් ගතයුතු උපදෙස් පිළිබඳව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කර ඇති බවයි.