ඉන්දීය සංචාරය අවසන් කරමින් ජනපති දිවයිනට

ඉන්දීය සංචාරය අවසන් කරමින් ජනපති දිවයිනට

by Staff writer 01-12-2019 | 6:49 AM

COLOMBO (News 1st) - දෙදින ඉන්දීය රාජ්‍ය සංචාරය අවසන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණ තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව ජනාධිපතිතුමා රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගියේ පෙරේදා පස්වරුවේදීයි. සංචාරය අතරතුර ජනාධිපතිතුමා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති රාම්නාත් කෝවින්ද්, ආරක්ෂක ප්‍රධානී, විදේශ අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් කිහිපදෙනෙකු හමුවිය. එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400 ක මූල්‍යාධාරයක් ද ලබා දුන්නේ ය.