සාග් ක්‍රීඩා උළෙලේ කාන්තා වොලිබෝල් අවසන් පූර්ව වටය

සාග් ක්‍රීඩා උළෙලේ කාන්තා වොලිබෝල් අවසන් පූර්ව වටය අද

by Staff writer 30-11-2019 | 10:39 AM

News 1st - 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ වොලිබෝල් කාන්තා අවසන් පූර්ව වටයේ තරග නේපාලයේදී අද පැවැත්වේ. 

ඒ, අනුව එහි පළමු අවසන් පූර්ව තරගය පැවැත්වෙන්නේ ඉන්දියාව සහ මාලදිවයින අතර ය. දෙවැනි අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව සහ සත්කාරක නේපාලය අතර පැවැත්වේ. එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 6.45ට ආරම්භ වීමට නියමිත ය. ඊයේ පැවැති මූලික වටයේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හමුවේ මාලදිවයින පරාජය වූයේ වට 3ට 0ක් ලෙසින් ය. 25ට 15ක්, 25ට 18ක් සහ 25ට 14ක් ලෙස ලකුණු සටහන දැක්වුණි. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මූලික වටයේදී තරග කළේ බී කාණ්ඩයෙන් ය. මේ අතර ශ්‍රී ලංකා - පකිස්ථාන වොලිබෝල් පිරිමි කණ්ඩාම් අතර තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 2.45ට ආරම්භ වීමට නියමිත ය. මාලදිවයින සමග ඊයේ පැවැති තරගය ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ජය ගත්තේ වට 3ට 0ක් ලෙසටයි.