මානව හිමිකම් කොමිසම අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි...

"ස්විස් තානාපති කාර්යාලයේ සිදු වූ පැහැර ගැනීම ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්න" - මානව හිමිකම් කොමිසම

by Staff writer 30-11-2019 | 7:04 PM

COLOMBO (News 1st) - ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනී ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරිය වැඩ බලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ, ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගැඹුරු හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසයි. අදාළ සිද්ධියට සම්බන්ධ වගකිවයුත්තන් සොයා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම, මහජන විශ්වාසය ශක්තිමත් කිරීමට සහ බියදුරු කිරීමට හේතුවන බවයි. මහජන බිය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් හා නිදහස කෙරෙහි විශාල බලපෑමක් ඇති කරන බව ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරිය සිය ලිපියෙන් පෙන්වා දෙයි. මෙය තරුණ කාන්තාවක් වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීම පමණක් නොව මතුවී ඇති සමස්ත ගැටලුවටම විසඳුමක් ලබාදීමක් බව මානව හිමිකම් කොමිෂන් සභාව නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් ය.