"සංවර්ධන අංශයේ නිලධාරීන්ගේ දේශපාලන අයිතිය නැවත ලබා දෙනවා" - ජනක බණ්ඩාර තෙන්නකෝන්

by Staff writer 30-11-2019 | 9:11 PM

COLOMBO (News 1st) - සංවර්ධන අංශයේ නිලධාරීන්ගේ දේශපාලන අයිතිය නැවත ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද දඹුල්ලේදී ප්‍රකාශ කර තිබේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්,
සංවර්ධන අංශයේ නිලධාරීන්ගේ දේශපාලන අයිතිය පසුගිය රජය නැති කලා. ඒක ලොකු අසාධාරණයක්. පළවෙනි කැබිනට් රැස්වීමේදී ඒ ගැන ජනාධිපතිතුමත් අගමැතිතුමත් අපිට දැණුම් දුන්නා. ඉතින් මම ඉතාම ඉක්මනින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා ඒ අයගේ දේශපාලන නිදහස ලබා දෙන්න. ඒක යුගයේ අවශ්‍යතාවයක් හැටියටයි අපි දකින්නේ. සියලු දෙනාගේම දේශපාලන අයිතිවාසිකම් සුරකින රජයක් හැටියට ඉදිරියේදීත් කටයුතු කරනවා.
අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කළේ, රංගිරි දඹුලු රජමහා විහාරයේ ආගමික වතාවන්ට එක්වීමෙන් අනතුරුවයි.