"විදේශ ණය මත තවදුරටත් රටට ඉදිරියට යන්න බැහැ"

"විදේශ ණය මත තවදුරටත් රටට ඉදිරියට යන්න බැහැ" - කෙහෙළිය රඹුක්වැල්ල

by Staff writer 30-11-2019 | 9:57 PM

COLOMBO (News 1st) - විදේශ ණය මත තවදුරටත් රටට ඉදිරියට යා නොහැකි බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අද පෙරවරුවේ දළදා මාලිගාවට පැමිණි රඹුක්වැල්ල මහතා දළදා සමිඳුන් වැදපුදා ගත්තේ ය. අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා සියම් මහා නායකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් බැහැදැක ඇත. ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල,
මම විශ්වාස කරනවා තවදුරටත් ණය පදනම මත මේ රට දුවන්න බෑ කියලා. මේ රටට ආයෝජකයින්ගේ පැමිණීම අතිශයින් වැදගත් වෙනවා. ආයෝජකයින් ගෙන්වා ගැනීමට ප්‍රශ්න කිහිපයක් තිබ්බා. පළවෙනි එක තමයි ජාතික ආරක්ෂාව. ජාතික ආරක්ෂාවක් නැති තැනකට ආයෝජකයෙක් එන්නේ නෑ. දෙවනි කාරණය තමයි දේශපාලන ස්ථාවරභාවය. මම හිතන්නේ ඒ කරුණු දෙකම අපිට සපුරන්න පුළුවන් වෙලා තියෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි විශිෂ්ට ජයග්‍රහණයක් ස්ථාවර පාර්ලිමේන්තුවක් හදනවා.