News 1st වෙත පැමිණි පුංචි අමුත්තන් පිරිස

මාතර, මාරමණ්ඩිය කණිෂ්ඨ විද්‍යාලයේ සිසුන් News 1st ප්‍රවෘත්ති අංශයට

by Staff writer 30-11-2019 | 8:56 AM

COLOMBO ( News 1st ) - පානීය ජලය නොමැති ගැටලුවෙන් පීඩා විඳිමින් සිටි මාතර, මාරමණ්ඩිය කණිෂ්ඨ විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් ගම්මැද්ද පසුගියදා ව්‍යාපෘතියක් ආරම්භ කළේ ය.

එහි දරු දැරියෝ පිරිසක් ඊයේ නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති අංශයට පැමිණියහ. මෙලෙස නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති අංශයට පැමිණියේ මාතර, මාරමණ්ඩිය කණිෂ්ඨ විද්‍යාලයේ 3, 4 සහ 5 වැනි ශ්‍රේණිවල දරුවන් පිරිසකි. ප්‍රවෘත්ති අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මෙහිදී දරු දැරියන් දැනුවත් කෙරුණි. දුර බැහැර සිට පැමිණි ඔවුන් මෙහිදී ලබා ගත්තේ නැවුම් අත්දැකීමක් ය. විදුහල්පතිනිය සහ සිසුන් ප්‍රවෘත්ති අංශය නැරඹීමෙන් පසු ඔවුනොවුන්ගේ අදහස් පළ කළේ ය. මේ සිසු දරු දැරියන් ගම්මැද්දෙන් අපේක්ෂා කරන ප්‍රතිලාභය වන පානීය ජල ව්‍යාපෘතිය නුදුරු දිනකදී විවෘත කෙරෙනු ඇති.     https://www.facebook.com/NewsfirstSL/videos/731083417401704/