ඩේවිඩ් වෝනර්ගෙන් ත්‍රිත්ව ශතකයක්

පකිස්ථානයට එරෙහිව ඩේවිඩ් වෝනර්ගෙන් ත්‍රිත්ව ශතකයක්

by Staff writer 30-11-2019 | 12:51 PM

News 1st - ඔස්ට්‍රේලියාව සහ පකිස්ථානය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද දෙවැනි දිනටත් ඇඩිලේඩ්හිදී පැවැත් වේ.

සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියාව පන්දුවාර 122ක් අවසානයේදී කඩුලු 3ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 560කි. ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් අද ත්‍රිත්ව ශතකයක් වාර්තා කළේ ය. ඒ, අනුව ඔහු වාර්තා අතරට එක් වූයේ ත්‍රිත්ව ශතකයක් වාර්තා කළ 7 වැනි ඔස්ට්‍රේලියා ක්‍රීඩකයා ලෙසයි. එමෙන්ම දිවා/රාත්‍රී ටෙස්ට් තරගයකදී ත්‍රිත්ව ශතකයක් වාර්තා කළ ලොව දෙවැන්නා ලෙස ද වෝනර් අද වාර්තා අතරට එක් විය.