නුසුදුසු ආහාර අලෙවි කරොත් වැඩ වරදී

උත්සව සමයේ පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳුන් සොයා විශේෂ වැටලීම්

by Staff writer 30-11-2019 | 3:03 PM

COLOMBO ( News 1st ) - එළැඹෙන උත්සව සමය වෙනුවෙන් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳුන් සොයා විශේෂ වැටලීම් ආරම්භ කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත විජේසිංහ මහතා සඳහන් කළේ, දිස්ත්‍රික් 25ම කේන්ද්‍ර කරගනිමින් ලබන ජනවාරි 15 වැනිදා දක්වා එම වැටලීම් ක්‍රියාත්මක බවයි. ඒ, අනුව කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය යළි ඇසුරුම් කර වෙළඳපොළට නිකුත් කරන සහ ප්‍රමිතියෙන් තොර ආහාර නිෂ්පාදනය කරන වෙළෙඳුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කළේ ය.