ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවකයින්ට නිවේදනයක්

ඇති වූ සිද්ධිය ගැන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවකයින්ට නිවේදනයක්...

by Staff writer 30-11-2019 | 7:21 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සිය කාර්ය මණ්ඩල සාමාජිකාවකට මෑතකදී සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ නිල නිවේදනයක් නිකුත් කර තිබේ.

පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සඳහන් කළේ, එම සිදුවීම වාර්තා කිරීමේදී ව්‍යාජ තොරතුරු කිහිපයක් සංසරණය වන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් තානාපති කාර්යාලය වහාම විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර පොලිස් පරීක්ෂණයට සහයවීම සහ මෙම කාරණාව සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගවලට පිවිසීම දැනටමත් සිදු කර තිබෙන බව නිවේදනයේ දැක්වේ. සිද්ධියට අදාළ වින්දිතයා සහ වින්දිතයාගේ ඥාතීන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ද ඔවුන් සැලකිලිමත් වන බව එහි වැඩිදුරටත් සඳහන් විය. නිවේදනයෙන් අවධාරණය කරන්නේ, සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් වින්දිතයා සාක්ෂිදීමට හැකි තත්ත්වයක නොමැති බවයි. ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවකයකු සහ ඔහුගේ පවුලේ ඥාතීන් පිටුවහල් කරන ලෙස කළ ඉල්ලීම ස්විට්සර්ලන්ත රජය ප්‍රතික්ෂේප කළ බව චෝදනා කෙරුණත් එවැනි ඉල්ලීමක් ද සිදුකොට නැතැයි ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිල නිවේදනයේ සඳහන් ය.