by Staff writer 30-11-2019 | 12:16 PM
COLOMBO ( News 1st ) - සංවිධානාත්මක අපරාධ කල්ලි 2ක සමාජිකයින් 06 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අද අලුයම කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම්, වැලි ජාවාරම් වැනි සිද්ධිවලට සම්බන්ධ අය බවයි.
ඔවුන් 'අංගොඩ ලොක්කා' සහ 'ඌරු ජුවා' යන සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ආධාරකරුවන් ලෙස කටයුතු කර තිබේ.
හංවැල්ල, අඹුල්ගම සහ ජල්තර ඇතුළු ප්‍රදේශවල ක්‍රියාත්මක කළ වැටලීම්වලදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.
පොලීසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර පොලිස් පරීක්ෂක රොහාන් තුසිත කුමාරසිංහගේ මහතා ඝාතනය සම්බන්ධ සැකකරුවෙකු ද වන බවයි.
සැකකරුවන් සන්තකයේ තිබී කඩුවක් කේරළ ගංජා සහ හෙරොයින් තොගයක්ද සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.