by Staff writer 30-11-2019 | 7:41 AM
COLOMBO ( News 1st ) - ශ්‍රී ලාංකික ධීවරයින් 13 දෙනෙකු මාලදිවයින් අත්අඩංගුවේ පසුවන බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.
එහි සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ, එම ධීවරයින් නිදහස් කර ගැනීම සඳහා එරට රජය සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.
චලන තුන සහ රෝයි නැමැති ධීවර යාත්‍රාවලින් මුහුදු ගිය පිරිසක් එලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි ඔහු පැවසුවේ ය.