හොංකොං විරෝධතාකරුවන් ට්‍රම්ප්ට සහය පළ කරයි

හොංකොං හි විරෝධතාකරුවන් රැළියක් සංවිධානය කරමින් ට්‍රම්ප්ට සහය පළ කරයි

by Staff writer 29-11-2019 | 7:50 PM

News 1st - හොංකොං හි විරෝධතාකරුවන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහයෝගය පළ කරමින් රැළියක් සංවිධානය කර තිබේ.

හොංකොං විරෝධතාකරුවන්ට හිතවාදී වෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් අනුමත කළ ව්‍යවස්ථාවට ප්‍රතිචාර වශයෙන් හොංකොං විරෝධතාකරුවන් දහස් ගණනක් ඊයේ නගර මධ්‍යයේ මෙම රැළිය පැවත්වා ඇත. ට්‍රම්ප් අත්සන් කළ ව්‍යවස්ථාව එක්සත් ජනපද සෙනෙට් සභාව සහ පසුගිය සතියේ රැස් වූ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ එක් නීති සම්පාදකයෙකු හැර අන් සියල්ලන් අනුමත කළේ ඒකමතිකවයි. හොංකොං සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශය පැවසුවේ, දිගින් දිගටම අත්තනෝමතික ලෙස ක්‍රියා කිරීමේ ප්‍රතිවිපාක ද දැරීමට එක්සත් ජනපදයට සිදුවනු ඇති බවයි. හොංකොං හි ප්‍රජාතන්ත්‍රවාදී හිතවාදී ක්‍රියාකාරිකයෙකු වන ජෝෂුවා වොන් බ්‍රහස්පතින්දා රාත්‍රියේ රැලිය ඇමතූ අතර පනත සම්මත කිරීම පිළිබඳව ස්තූතිය පළ කර තිබේ. පොලිටෙක්නික් විශ්වවිද්‍යාලයෙන් පිටත එක්රැස් වූ සිය ගණනක් වූ ජනතාව "ග්ලෝරි ටු හොංකොං" යන විරෝධතා ගීය ගායනා කළේ පෙදෙසම ආලෝකවත් කරමිනි. මේ අතර හොකොං විශ්වවිද්‍යාල තුළ තිබී පෙට්‍රල් බෝම්බ 4000 ක් පමණ සොයා ගෙන ඇත. විදෙස් වාර්තා සඳහන් කළේ, පුපුරණ ද්‍රව්‍ය 1339 ක් සහ ගිනි අවි 573 ක් සොයා ගෙන ඇති බවයි. විරෝධතාකරුවන් මීට සති දෙකකට පමණ ඉහතදී එරට විශ්වවිද්‍යාල තුළට ද කඩා වැදුණු අතර ඔවුන් එම අවස්ථාවේ පුපුරණ ද්‍රව්‍ය ගෙනෙන්නට ඇතැයි සැක පළ වේ.