දේශපාලන පක්ෂ නායකයෝ මැතිවරණ කොමිසමට කැඳවති

සියලු දේශපාලන පක්ෂ නායකයින් ලබන 04 වනදා මැතිවරණ කොමිසමට කැඳවයි

by Staff writer 29-11-2019 | 11:43 AM

COLOMBO ( News 1st ) - සියලු දේශපාලන පක්ෂ නායකයින් ලබන 04 වනදා ජාතික මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ, එදින පෙරවරු 10.00 ට එම කැඳවීම කර ඇති බවයි. ඉදිරි මහ මැතිවරණය ඇතුළු කරුණු කිහිපයක් එහිදී සාකච්ඡා කිරිමට නියමිත ය. විශේෂයෙන් ජනාධිපතිවරණවලදී අපේක්ෂකයින්ගෙන් අය කරන ඇප මුදල් සංශෝධනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙන්ම ඒ සඳහා පක්ෂවල එකඟතාව ලබා ගැනීම මෙම සාකච්ඡාවේ තවත් අරමුණකි.