by Staff writer 29-11-2019 | 8:48 PM
COLOMBO (News 1st) - ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික නිලධාරිනියක පැහැරගත් බව කියන සිද්ධියට අදාළව තවමත් පැමිණිල්ලක් ලැබී නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අගමැතිවරයා පැවසුවේ, පැමිණිල්ලක් නැතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති අතර අද පස්වරුවේ වාර්තාවක් කැඳවා ඇති බවයි.
තානාපති කාර්යාලය නිලධාරිනියගේ සිද්ධිය, අපරාධ පරීක්ෂණ නිලධාරීන්ගේ ස්ථානමාරුවීම් ඇතුළු සිදුවීම් ගැන අද පාර්ශව කිහිපයක්ම අදහස් පළ කර තිබේ.