වර්ෂ 2016දී IMF ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කළ අයුරු ඇමති බන්දුල හෙළි කරයි

by Staff writer 29-11-2019 | 7:16 PM

COLOMBO (News 1st): ආර්ථික නිසි පරිදි මෙහෙයවීම සිදු නොකළ නිසා 2016දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකා රජයට බලපෑමක් එල්ල කළ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ, අනුව එවකට සිටි මුදල් අමාත්‍යවරයා අමෙරිකානු ඩොලර් මිලියන 1.4ක් ලබා ගැනීම සඳහා අවුරුදු 3ක ගිවිසුමක් අත්සන් කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඔහු මේ බව සඳහන් කළේ, අද පැවති මාධ්‍ය හමුවකදී ය. අයවැය ලේඛනයක් ඉදිරිපත් කළ හැකි වන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පසු බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය. වත්මන් ආණ්ඩුව, සදාචාර සම්පන්න විවේචනවලට ඔරොත්තු දිය හැකි ආණ්ඩුවක් බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එහිදී තව දුරට ත් කියා සිටියේය.