"තෙල් මිල ගැන ජනතාව බය විය යුතු නැහැ" - රෝහිත අබේගුණවර්ධන

by Staff writer 29-11-2019 | 4:51 PM

COLOMBO (News 1st) - තෙල් මිල ගැන රටේ ජනතාව බිය විය යුතු නැතිබව බලශක්ති රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

ඔහු ඒ බව පැවසූවේ, ඛනිජ තෙල් හා නීතිගත සංස්ථාවේදී සිය ධුරයේ වැඩ ආරම්භ කරමිනි. තෙල් මිල සම්බන්ධයෙන් ජනාධිපතිතුමා හා අගමැතිතුමා සමග සාකච්ඡා කරන බව ද රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.