by Staff writer 29-11-2019 | 10:39 PM
COLOMBO (News 1st) - රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රාජ්‍ය ව්‍යවසායවල සභාපතිවරුන්ට හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙන්නැයි ජනාධිපති ලේකම් පී. බී ජයසුන්දර මහතා සියලු අමාත්‍යාංශවල ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.
ඒ, අදාළ ආයතනවලට ප්‍රවීණයින් පත් කරන්නැයි ජනාධිපතිතුමා කරන ලද නියමයට අනුවයි.
නව අධ්‍යක්ෂ මණ්ඩල පත්කරන තෙක්, එම සංවිධානවල කටයුතු දෛනිකව පවත්වාගෙන යාම සඳහා අතුරු ක්‍රියාමාර්ග ගන්නා බවට සහතික වන බව ද ජනාධිපති ලේකම්වරයා අමාත්‍යංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත.