ජූඩ් ජයමහට විදේශගතවීම තහනම්

ජනපති සමාව ලැබූ ජූඩ් ජයමහට විදේශගතවීම තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක්

by Staff writer 29-11-2019 | 11:59 AM

COLOMBO (News 1st): මරණීය දණ්ඩනය නියම වී සිටියදී ජනාධිපති සමාව හිමිවූ ජුඩ් ශ්‍රමන්ත ජයමහට විදේශ ගතවීම වළක්වමින් , ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඒ , හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරව ලබා දුන් , ජනාධිපති සමාවට එරෙහිව ගොනු කළ පෙත්සමක් සළකා බැලු අවස්ථාවේදී ය. මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළේ , බුවනෙක අළුවිහාරේ , විජිත් මලල්ගොඩ හා ගාමිණි අමරසේකර යන විනිසුරු මඩුල්ලයි. පෙත්සම ඉදිරිපත් කර තිබුණේ , කාන්තා හා මාධ්‍ය එකමුතුව විසිනි.