ජනපති ගෝඨාභය අද, ඉන්දීය ජනපති හා අගමැති හමුවෙයි

ජනපති ගෝඨාභය අද, ඉන්දීය ජනපති හා අගමැති හමුවෙයි

by Staff writer 29-11-2019 | 8:58 AM

News 1st - ඉන්දියාවේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එරට ජනාධිපති රාම් නාත් කෝවින් මහතා සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට නියමිත ය.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා සඳහන් කළේ, ජනාධිපතිතුමා පිළිගැනීමේ රාජ්‍ය උත්සවය ඉන්දීය ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙන බවයි. ඉන්දිය අග්‍රාමාත්‍යවරයා සමග පැවැත්වෙන ද්විපාර්ශ්වීය සාකච්ඡාවලදී දෙරටට වැදගත් ආරක්ෂක දේශපාලන හා ආර්ථික කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කෙරනු ඇති බව ඔහු පැවසුවේ ය. මීට අමතරව ජනාධිපතිතුමා මහත්මා ගාන්ධි ස්මාරකයට ද පුෂ්පෝපහාර දක්වනු ඇති. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සිය ප්‍රථම නිල විදේශ සංචාරය ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරය කරන්නේ, එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුවයි. ඊයේ පස්වරුවේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ඉන්දියාවට ළඟා වු ජනාධිපතිතුමා එරට රාජ්‍ය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය වී.කේ.සිං මහතා ඇතුළු නිලධාරින් පිරිසක් විසින් පිළිගනු ලැබුවේ ය.