කොළඔ සරසවියේ සිංහල සතිය ලබන 2වනදා ඇරඹේ

කොළඔ සරසවියේ සිංහල සතිය ලබන 2වනදා ඇරඹේ

by Staff writer 29-11-2019 | 11:00 AM

COLOMBO ( News 1st ) - කොළඔ විශ්වවිද්‍යාලයේ සිංහල සතිය ලබන 2 වනදා ආරම්භ වේ.

'සිංහල අධ්‍යනය එදා අද සහ හෙට' යනුවෙන් නම් කර ඇති මෙම වැඩසටහන ලබන 6 වනදා දක්වා පැවැත්වෙනු ඇති. විද්වත් දේශන, සිනමා දැක්ම, පර්යේෂණ සැසි ඇතුළු අංග රැසකින් සිංහල සතිය සමන්විත වේ. විශ්වවිද්‍යාලයීය සිංහල අධ්‍යනය අංශය විසින් වැඩසටහන සංවිධානය කරනු ලැබේ.