ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඩො.මි. 400ක ණය පහසුකමක්

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක ණය පහසුකමක්

by Staff writer 29-11-2019 | 3:07 PM

COLOMBO (News 1st): ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක ණය ආධාරයක් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති හමුවේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එකඟ වී තිබේ.

එයින් ඩොලර් මිලියන 50ක් ලබා දී තිබෙන්නේ, ජාතික ආරක්ෂාව වෙනුවෙනි. තම ධුර කාලය තුළ පැමිණෙන පළමු රාජ්‍ය නායකයා ලෙස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ආරාධනාවක් කර තිබේ. ඉන්දියාවේ සංචාරයක නිරතවන ජනාධිපතිතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද දහවල් පැවැත්විය. ඒ, නවදිල්ලි නුවර පිහිටි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසේදී ය. මේ අතර ශ්‍රී ලංකාව භාරයේ තිබෙන ඉන්දීය ධීවර බෝට්ටු සියල්ල නිදහස් කරන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී වැඩි දුරටත් සඳහන් කළේය.