ආයෝජන ලබා ගැනීමට අපේ රට ගැන විශ්වාසය ඇති කළ යුතුයි - කෙහෙළිය රඹුක්වැල්ල

by Staff writer 29-11-2019 | 3:44 PM

COLOMBO (News 1st): සෘජු ආයෝජන ලබා ගැනීම සඳහා ලෝකයේ අනිකුත් රටවල්වලට අප රට කෙරෙහි විශ්වාසය ඇති කළ යුතු බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

සිය රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේය. වර්තමාන ආණ්ඩුවට ඉලක්ක ඇති බවත් ජනතාව සතුටු කිරීම උදෙසා 2050 වනවිට ශ්‍රී ලංකාව පොහොසත් රටක්යැයි කියා ජනතාවට විහිලු කිරීමට බලාපොරොත්තු නොවන බව ද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.