සියලු දේශපාලන පක්ෂ නායකයින් ලබන 04 වනදා මැතිවරණ කොමිසමට කැඳවයි

සියලු දේශපාලන පක්ෂ නායකයින් ලබන 04 වනදා මැතිවරණ කොමිසමට කැඳවයි

සියලු දේශපාලන පක්ෂ නායකයින් ලබන 04 වනදා මැතිවරණ කොමිසමට කැඳවයි

කර්තෘ Staff writer

29 Nov, 2019 | 11:43 am

COLOMBO ( News 1st ) – සියලු දේශපාලන පක්ෂ නායකයින් ලබන 04 වනදා ජාතික මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ, එදින පෙරවරු 10.00 ට එම කැඳවීම කර ඇති බවයි.

ඉදිරි මහ මැතිවරණය ඇතුළු කරුණු කිහිපයක් එහිදී සාකච්ඡා කිරිමට නියමිත ය.

විශේෂයෙන් ජනාධිපතිවරණවලදී අපේක්ෂකයින්ගෙන් අය කරන ඇප මුදල් සංශෝධනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙන්ම ඒ සඳහා පක්ෂවල එකඟතාව ලබා ගැනීම මෙම සාකච්ඡාවේ තවත් අරමුණකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]