ජනපති සමාව ලැබූ ජූඩ් ජයමහට විදේශගතවීම තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක්

ජනපති සමාව ලැබූ ජූඩ් ජයමහට විදේශගතවීම තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක්

ජනපති සමාව ලැබූ ජූඩ් ජයමහට විදේශගතවීම තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක්

කර්තෘ Staff writer

29 Nov, 2019 | 11:59 am

COLOMBO (News 1st): මරණීය දණ්ඩනය නියම වී සිටියදී ජනාධිපති සමාව හිමිවූ ජුඩ් ශ්‍රමන්ත ජයමහට විදේශ ගතවීම වළක්වමින් , ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඒ , හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරව ලබා දුන් , ජනාධිපති සමාවට එරෙහිව ගොනු කළ පෙත්සමක් සළකා බැලු අවස්ථාවේදී ය.

මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළේ , බුවනෙක අළුවිහාරේ , විජිත් මලල්ගොඩ හා ගාමිණි අමරසේකර යන විනිසුරු මඩුල්ලයි.

පෙත්සම ඉදිරිපත් කර තිබුණේ , කාන්තා හා මාධ්‍ය එකමුතුව විසිනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]