by Staff writer 28-11-2019 | 3:53 PM
COLOMBO (News 1st) : මාලදිවයින් හිටපු ජනාධිපති අබ්දුල්ලා යාමීන්ට වසර 5 ක සිරදඬුවම් නියම කර තිබේ.
ඒ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ එරට අධිකරණයක් මගින් ඔහු වරදකරු කරමිනි.
සිර දඬුවමට අමතරව ඔහුට අමෙරිකානු ඩොලර් මිලියන 5 ක දඩයක් ද නියම කර තිබේ.
මාලදිවයින් මාධ්‍ය වාර්තා කළේ, පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කෙරුණු නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරුණු බවයි.
ඒ අනුව විනිසුරු මඩුල්ලේ ඒකමතික තීරණයට අනුව මාලදිවයින් හිටපු ජනාධිපතිවරයාට දඬුවම් නියම කෙරිණ.
පෞද්ගලික වාසි ලබා ගැනීමේ අරමුණින් රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් මාලදිවයින් හිටපු ජනාධිපති අබ්දුල්ලා යාමීන්ට චෝදනා එල්ල වී තිබිණ.