රජය ක්‍රියාත්මක කරන්නේ, නොබැඳි විදේශ ප්‍රතිපත්තියක්

by Staff writer 28-11-2019 | 3:45 PM
COLOMBO (News 1st) : මෙම අවස්ථාව ජාත්‍යන්තර කටයුතුවලදී නව රජයට අභියෝගාත්මක අවස්ථාවක් බව ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක්වෙමිනි. තව ද රජය කිසිදු බල කඳවුරකට එක් නොවන, නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් ඔහු එහිදී අවධාරණය කළේ ය. තව ද ජනාධිපතිවරයා වෙනත් කිසිදු රටකට මෙරට අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත් නොවන ආකරයෙන් රටේ ජනතාවගේ ස්වාධීනත්වය, නිදහස්, රැකී වෙනුවෙන් කටයුතු කළ යුතුය, යන ස්ථාවරයේ පසුවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සිහිපත් කර සිටියේ ය. පසුගිය වකවානුව තුළ ඇතැම් වගකිවයුත්තන විදේශීය සමුළුවලදී එළැඹි යම් යම් එකඟතා පිළිබඳ නැවත සලකා බැලීමට සිදුවන බව ජනාධිපතිවරයා පැහැදිලිව සඳහන් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසී ය.