by Staff writer 28-11-2019 | 6:34 PM
COLOMBO (News 1st) : තේ, ගම්මිරිස්, කුරුඳු සහ සකස් නොකළ ස්වභාවික තත්ත්වයේ රබර් ඇතුළු කෘෂි වෙළඳ භාණ්ඩ ගණනාවක් සහ අනෙකුත් දේශීය වශයෙන් සැකසෙන කුඩා කාර්මික ආයතන තරගකාරීත්වය ආරක්ෂා කර එකී අයිතම ඝෘණ ලැයිස්තුගත කර ඉතා ඉහළ රේගු පාදක බදුවලට යටත් කරන බව සමකැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
සම කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.
ප්‍රතිඅපනයනය සඳහා ගම්මිරිස්, කුරුඳු වැනි දේ ආනයනය කිරීමට ඉඩ නොදෙන බව ද ඔහු එහිදී අවධාරණය කළේ ය.
මීට අමතරව දේශීය වශයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ ආනයනයේදී විශාල තීරු බද්දක් ආනයනය කරන බව ත් දේශීය සුළු කෘෂි භෝග නිෂ්පාදකයාට පූර්ණ ආරක්ෂාව සැපයීමට අවශ්‍ය විධිවිධාන සකසන බවත් සම කැබිනට් ප්‍රකාශකවරයා එහිදි වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.