පළාත් කිහිපයකට මහ වැසි ඇතිවිය හැකියි

උතුර, නැගෙනහිර පළාත්වලට මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකියි

by Staff writer 28-11-2019 | 7:11 AM

COLOMBO (News 1st) - උතුර, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලට මිලිමීටර 150 ක් පමණ දක්වා තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඊසාන දිග මෝසම, දිවයින හරහා ස්ථාපිත වෙමින් පැවතීම ඊට හේතුවයි. මේ හේතුවෙන් දිවයිනේ සෙසු ප්‍රදේශවලට මිලිමීටර 100 ක් පමණ දක්වා තද වැසි ඇති විය හැකි වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, අකුණු අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙසයි. මුහුදේ සුළං වේගය ද පැයට කිලෝමීටර 80 ක් පමණ දක්වා ඉහළ යා හැකි වේ. මේ අතර දිවයිනට ඊසාන, නැගෙනහිර, දකුණු සහ ගිණිකොණදිග මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වීමේදී විමසිලිමත් වන්නැයි ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ඒ, ඉන්දියාවේ සතිෂ් ධවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට සිදු කෙරෙන චන්ද්‍රිකා කක්ෂගත කිරීමේ වැඩසටහනක් හේතුවෙනි.