අමාත්‍යංශයේ වැඩ භාර ගනිමින් මහින්දානන්ද අලුත්ගමගේ කළ අනාවරණය

by Staff writer 28-11-2019 | 3:07 PM

COLOMBO (News 1st) - පසුගිය වසර හතර හමාර තුළ ජාතික විදුලි පද්ධතියට එකදු විදුලි ඒකකයක් හෝ ලබා දීමට අමාත්‍යාංශයට නොහැකි වී ඇති බව විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

පසුගිය කාලය පුරාම අමාත්‍යංශය උනන්දු වී ඇත්තේ අධික මිලට විදුලිය ලබා ගැනීමට බව අලුත්ගමගේ මහතා සඳහන් කළේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ විදුලිබල අමාත්‍යංශයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවේදී ය. මැතිවරණය පෙර දිනත් හදිසි විදුලි මිලදී ගැනීමකට පැවති රජය උත්සාහ ගෙන ඇති බව එහිදී රාජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය. වංචා දූෂණ සිදු කළ පුද්ගලයින්ට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා එහිදී වැඩි දුරට ත් සඳහන් කළේය.