by Staff writer 28-11-2019 | 6:23 AM
COLOMBO (News 1st) - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මංගල විදෙස් සංචාරය අරඹමින් අද දහවල් ඉන්දියාව බලා පිටත්ව යාමට සූදානම් වේ.
ඒ, දෙදින රාජ්‍ය සංචාරයක් සඳහායි.
ජනාධිපතිතුමා සිය සංචාරය තුළදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා එරට ජනාධිපති රාම්නාත් කෝවින්ද් යන මහත්වරුන් සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා සඳහන් කළේ ය.
ජනාධිපතිතුමා සමග පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.
ජනාධිපති ලේකම් පී. බී ජයසුන්දර, විදේශ අමාත්‍යංශ ලේකම් රවිනාථ ආරියසිංහ, භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල, ජනාධිපතිතුමාගේ උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරුන් එම සංචාරයට එක්වන බව මොහාන් සමරනායක මහතා පැවසීය.
ජනාධිපතිතුමා එලෙස ඉන්දියාවේ සංචාරයක නිරත වන්නේ, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුවයි.