එළඹෙන උත්සව සමයේදී හිඟයකින් තොරව සහල් ලබාදීමට සැලසුම්

එළඹෙන උත්සව සමයේදී හිඟයකින් තොරව සහල් ලබාදීමට සැලසුම්

එළඹෙන උත්සව සමයේදී හිඟයකින් තොරව සහල් ලබාදීමට සැලසුම්

කර්තෘ Staff writer

28 Nov, 2019 | 2:07 pm

COLOMBO (News 1st) – එළඹෙන උත්සව සමයේදී හිඟයකින් තොරව උපරිම සිල්ලර මිල යටතේ පාරිභෝගික ජනතාවට සහල් ලබාදීමට සැලසුම් සකස් කර ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, දැනට වී අළෙවි මණ්ඩලයේ ගබඩාවල ඇති වී සහල් බවට පත් කර ලංකා සතොස අළෙවිසැල් හරහා වෙළෙඳපොළට නිකුත් කරන බවයි.

දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ඉකුත් මහ කන්නයේ දී මිලදී ගත් වී තොග මේ වනවිට අදාළ ගබඩාවල තැන්පත් කර තිබේ.

ඒ අනුව ලබන සතියේ සිට එම ක්‍රියාවලිය ආරම්භ කරන බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]