දිවුරුම් දුන් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු

රාජ්‍ය අමාත්‍යවරු 35ක් සහ නියොජ්‍ය අමාත්‍යවරු 3ක් දිවුරුම් දෙති

by Staff writer 27-11-2019 | 11:01 AM
COLOMBO (News 1st):-  නව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය. එම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගි විය. රාජ්‍ය අමාත්‍යවරු 35 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු තිදෙනෙකු අද දිවුරුම් දුන්නේය. * නව රාජ්‍ය අමාත්‍යවරු 01.චමල් රාජපක්ෂ මහතා - රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය 02.වාසුදේව නානායක්කාර මහතා - ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය 03.ගාමිණී ලොකුගේ මහතා -නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය 04.මහින්ද යාපා මහතා - වාරි මාර්ග සහ ග්‍රාමීය සංවර්ධනය රාජ්‍ය අමාත්‍ය 05.එස්.බී දිසානායක මහතා- ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය 06.ජෝන් සෙනෙවිරත්ත මහතා - ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය 07.මහින්ද සමරසිංහ මහතා - රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය 08.සි.බී රත්නායක මහතා - දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය 09.ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය රාජ්‍ය අමාත්‍ය 10.සුසන්ත පුංචි නිලමේ මහතා - කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසාය රාජ්‍ය අමාත්‍ය 11.අනුර යාපා මහතා - අභ්‍යන්තර වෙලද හා පාරිභෝගික සුබසාධනය රාජ්‍ය අමාත්‍ය 12.සුසිල් ප්‍රේමජයන්ත මහතා - ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය 13.ප්‍රියංකර ජයරත්න මහතා - දේශීය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය 14.රංජිත් සියඹලාපිටිය මහතා - අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය 15.මහින්දානන්ද අළුත්ගමගේ - විදුලි බල රාජ්‍ය අමාත්‍ය 16.දුමින්ද දිසානායක මහතා - තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය 17.රෝහිත අබේගුණවර්ධන මහතා - බලශක්ති රාජ්‍ය අමාත්‍ය 18.දයාසිරි ජයසේකර මහතා- කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය 19.ලසන්ත අලගියවන්න මහතා- රාජ්‍ය කළමනාකරණය සහ ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍ය 20.කෙහෙළිය රඹුකවැල්ල මහතා - ආයෝජන ප්‍රවර්ධනය රාජ්‍ය අමාත්‍ය 21.අරුන්දික ප්‍රනාන්දු මහතා - සංචාරක ප්‍රවර්ධනය රාජ්‍ය අමාත්‍ය 22.තිලංග සුමතිපාල මහතා - තාක්ෂණ හා නව නවොත්පාදන රාජ්‍ය අමාත්‍ය 23.මොහාන් ද සිල්වා මහතා- මානව හිමිකම් සහ නිති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය 24.විජිත බේරුගොඩ මහතා - කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය 25.රොෂාන් රණසිංහ මහතා - මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය 26.ජානක වප්කුඹුර මහතා - අපනයන කෘෂිකර්මය රාජ්‍ය අමාත්‍ය 27.විදුර වික්‍රමනායක මහතා - කෘෂි කර්ම රාජ්‍ය අමාත්‍ය 28.ශෙහාන් සේමසිංහ මහතා - සංවර්ධන බැංකු හා ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය 29.කණක හෙරත් මහතා - වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය 30.දිලුම් අමුණුගම මහතා - ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය 31.ලොහාන් රත්වත්තේ මහතා - මහා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය 32.විමලවීර දිසානායක මහතා - වනජීවි සම්පත් අමාත්‍ය 33. ජයන්ත සමරවීර මහතා - පරිසර රාජ්‍ය අමාත්‍ය 34. සනත් නිශාන්ත මහතා - ධීවර සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය 35. තාරක බාලසූරිය මහතා - සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය * නව නියෝජ්‍ය අමාත්‍යවරු 01. නිමල් ලන්සා මහතා - ප්‍රජා සවිබල ගැන්වීම සහ වතු යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය 02. කාංචන විජයසේකර මහතා - ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය 03. ඉන්දික අනුරුද්ධ මහතා - රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා පළාත් පාලන නියොජ්‍ය අමාත්‍ය