by Staff writer 27-11-2019 | 9:18 PM
COLOMBO (News 1st) : යෝෂිත රාජපක්ෂ මහතා අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියේ ය.
ඒ ඔහුට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පවරා ඇති නඩුවකට පෙනී සිටීම සඳහායි.
ගල්කිස්ස මිහිඳු මාවතේ පිහිටි පර්චස් 31 ක හමාරක ඉඩමක් රුපියල් මිලියන 36 කට මිලදී ගෙන ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම නඩුව පවරා තිබේ.
අධිකරණ මගින් ඇප මත මුදා හැර සිටින පළමු සැකාකරිය වන ඩේසි ෆොරස්ට් මහත්මිය සහ දෙවැනි සැකකරු වන යෝෂිත රාජපක්ෂ මහතා අද අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.
ඔවුන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම නඩුව පවරා තිබේ.
අද එම නඩුව ගල්කිස්ස ප්‍රධාන මොහොමඩ් මිහායිල් මහතා හමුවේ විභාගයට ගත් අවස්ථාවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබී නොමැති බවයි.
ඒ අනුව ලබන වසරේ මාර්තු 25 දක්වා නඩුව කල් තැබීමට අධිකරණය අද නියෝග කළේ ය.