බන්දුල සහ රමේෂ්ට සම කැබිනට් ප්‍රකාශක තනතුරු

බන්දුල සහ රමේෂ් සම කැබිනට් ප්‍රකාශකවරු ලෙස පත්කෙරේ

by Staff writer 27-11-2019 | 3:56 PM
COLOMBO (News 1st) : බන්දුල ගුණවර්ධන සහ රමේෂ් පතිරණ යන මහත්වරුන් සම කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස පත්කර තිබේ. අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඒ බව සඳහන් කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්වූ කැබිනට් මණ්ඩල හමුවෙන් අනතුරුව මාධ්‍යවේදී නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.