අමාත්‍යංශ 20ක් සඳහා නව ලේකම්වරු පත්කෙරෙති

අමාත්‍යංශ 20ක් සඳහා නව ලේකම්වරු පත්කෙරෙති

by Staff writer 27-11-2019 | 8:58 PM
COLOMBO (News 1st) : නව අමාත්‍යාංශ 20ක් සඳහා පත්කෙරුණු ලේකම්වරු වෙත පත්වීම් ලිපි පිළිගැන්විම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ සිදු විය. ඒ අනුව පත්වීම් ලද නව අමාත්‍යංශ ලේකම්වරුන් මෙසේයි. 01- එස්.එම්. මොහොමඩ් මහත්මිය - සංචාරක සහ ගුවන්සේවා 02- ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි මහතා - මාර්ග සහ මහාමාර්ග 03- ජේ.ජේ. රත්නසිරි මහතා - අධිකරණ, මානවහිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ 04- රවින්ද්‍ර හේවාවිතාරණ මහතා - වැවිලි කර්මාන්ත සහ අපනයන කාෂිකර්ම 05- ජේ.ඒ. රංජිත් මහතා - කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ 06- ඩී.එම්.ඒ.ආර්.බී. දිසානායක මහතා - උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන 07- එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා - මගී ප්‍රවාහන කළමනාකරණ 08- ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා මහතා - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ 09- වසන්තා පෙරේරා මහත්මිය - විදුලිබල හා බලශක්ති 10- එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා - වරාය හා නාවික කටයුතු 11- එස්.හෙට්ටිආරච්චි මහතා - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන 12- ආර්.පී. ආර්යසිංහ මහතා - විදේශස සබඳතා 13- ඒ.එස්.එම්.එස්. මහානාම මහත්මිය -කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ 14- ජේ.එම්.සී. ජයන්ති විජේතුංග මහත්මිය - පරිසර හා වනජීවි සම්පත් 15- ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා - ඉඩම් හා ඉඩම් සංවර්ධන 16- එම්.පී.ඩී.යු.කේ. මාපා පතිරණ මහතා - කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන 17- ආර්.එම්.අයි. රත්නායක මහත්මිය - ධීවර හා ජලජ සම්පත් 18- පී.එස්.එම්. චාල්ස් මහත්මිය - සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා 19- එන්.බී. මොන්ටි රණතුංග මහතා - කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන 20- ආචාර්ය ප්‍රියත් බන්දුවික්‍රම මහතා - නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම්